මේ කියන්න යන දේ ගොඩක් අයට පැටලෙන දෙයක්. ඒ තමයි දත්ත හා තොරතුරු වෙන් කරලා හඳුනාගන්න එක. දත්ත, තොරතුරු කියන වචන දෙකේ බැලු බැල්මට ලොකු වෙනසක් පේන්නෙ නෑනේ. ඒත් මේ වචන දෙකේ තේරුම් එකකට එකක් වෙනස්, ඒත් එකට බැඳිලා තියෙන්නෙ.
දත්ත කියන්නෙ පුද්ගලයන්, ස්ථාන, ව්‍යාපාර, ගනුදෙනු වගේ එක එක ක්‍රියා නිසා ඇතිවෙන සකස් නොවූ මූලික කරුණු වලට. දත්ත වල කිසිම සංවිධානාත්මක බවක් එහෙම නැත්නම් කිසි පිළිවෙළක් නෑ. වචන, අකුරු, ඉලක්කම්, රූප, සංකේත, ශබ්ද වගේ දේවල් වලට දත්ත කියල කියන්න පුළුවන්. දත්ත මගින් අවසන් නිගමනයන් බොහෝ අවස්ථාවලදී ගන්න බෑ. පහළින් තියෙන්නෙ දත්ත වලට උදාහරණ ටිකක්.
- පන්තියක සිසුන්ගේ නම්
- කැලයක තියෙන ගස්
- කඩයක ඇති පොල් ගෙඩි
- වේලාව
- වයස
- නිළනොවන ඡන්ද ප්‍රතිඵලය
- පෑනක මිළ වගේ දේවල් දත්ත විදියට සලකන්න පුළුවන්.
- පන්තියක සිසුන්ගේ දිනපතා පැමිණීමේ ලේඛනය
- කැලයක ඇති මීටර 20ට වඩා උස කළුවර ගස් 50ක්
- කඩයක ඇති මිළ දර්ශකය
- රිසිට්පත්
- ප්‍රගති වාර්තා
- නිළ ඡන්ද ප්‍රතිඵලය ආදි කරුණු තොරතුරු ලෙස දැක්විය හැකියි.
දත්ත නිසි කළමණාකරනයකින් තොරතුරු බවට පත් කරන ක්‍රියාවලියට දත්ත තොරතුරු සැකසීම (data processing) කියලා කියනවා. දත්ත සකස් කරන්න අපිට උපකරණ නැතත් පුළුවන්නෙ. ඒත් අද කාලෙ නම් දත්ත සකස් කරන එක ගැන කතා කරනකොට වැඩි තැනක් ලැබෙන්නෙ කොම්පියුටර් වලට තමයි.
ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එකට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඔයාලගේ පන්තියට උදව් කරන්න...!
තොරතුරු ගැන තව ටිකක් තියෙනව කියන්න. GIT විෂය නිර්දේශයෙ තියෙනව මේ ටිකත්. මේ තියෙන්නෙ තොරතුරුවල හැටි. එහෙම නැත්නම් තොරතුරුවල ලක්ෂණ/ගුණාංග.
- අදාල බව (ප්‍රායෝගික අවස්ථාවකට නැත්නම් තත්වෙකට පාවිච්චි කරන්න පුළුවන් වීම.)
- සම්පූර්ණ බව (ප්‍රායෝගික අවස්ථාවක් නැත්නම් තත්වයක් ගැන සේරම දේවල් දැනගන්න පුළුවන් වීම.)
- කාලෝචිත බව (ඕන වෙලාවක ගන්න පුළුවන් වීම වගේම ප්‍රමාදයන් නිසා කල් ඉකුත් නොවීම.)
- විශ්වාසවන්ත බව
- ප්‍රායෝගික බව
- තේරුම් ගත හැකි බව