Monday, August 7, 2017

පරිගණකයක හැකියාවන් හා සීමාවන්...


අපි කලින් කතා කළානෙ පරිගණකයක් කියන්නෙ මොකක්ද කියන එක ගැන.  ඒ ලිපිය බලපු නැති අය මෙතනින් ගිහින් ඒක කියවලා එන්න. ඒ වගේ පරිගණකයකට කරන්න පුළුවන් දේවල්, ඒ කියන්නෙ හැකියාවන් ගොඩක් තියෙනවා. ඒ වගේම පරිගණකයකට වුණත් කරන්න පුළුවන් දේවල් වල සීමාවකුත් තියෙනවා. අද අපි කතා කරන්නෙ ඒ දේවල් ගැන.

අපි මුලින් බලමු පරිගණකය ඇති හැකියාවන් මොනවාද කියලා. 


  • නිරවද්‍යතාවය (ACCURACY)
පරිගණකයකට අපි ඇතුල් කරන දත්ත ‍තොරතුරු 100% ක් නිවැරදි නම් පරිගණකයෙන් සකසලා පිටතට දෙන තොරතුරුත් අනිවාර්යෙන්ම 100% ක් නිවැරදියි. වැරදුනොත් ඒ අපේ අවුලක් නිසා මිසක් පරිගණකයෙ අවුලක් නිසා නෙමෙයි.
  • අඛණ්ඩව ක්‍රියා කිරීම (DILIGENCE)
පරිගණකයක් on කළාට පස්සෙ ඒක off කරනකම් එක දිගට වැඩ කරනවා. මිනිස්සු වගෙ වෙහෙසට පත් වෙන්නෙ නෑ. පරිගණකයට වැඩ කෝටියක් පැවරුවත් ඒව කිසි මහන්සියක් නැතුව ඉවර කරනවා.
  • නම්‍යශීලීත්වය (VERSATILITY)

පරිගණකයකට යම් කාර්යයක් පැවරුවාම සාර්ථක ප්‍රතිඵලයක් දෙන්න එක එක කොටස් වලට අදාල කාර්ය වෙන් කරල ක්‍රියාත්මක කරන්න ඒකට පුළුවන්.



දැන් අපි බලමු පරිගණකයක ඇති සීමාවන් මොනවාද කියලා.


  • වේගය (SPEED)
පරිගණකයක් මිනිසුන්ට වඩා ගොඩක් වේගවත්. මිනිසෙක් අවුරුද්දකදි කරන ගණනය කිරීම් සේරම අළුත් පරිගණකයකට මිනිත්තු දෙක තුනකින් කරන්න පුළුවන්. ඒ වගේම මේ පරිගණකයක දත්ත ගබඩා කරන hard disk එකේ දත්ත ලියන්න කියවන්න ඒකෙ තැටි මිනිත්තුවට වට 7000 කට වඩා වේගෙන් කැරකෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ වේගය ගැන! නමුත් මේක සීමාවක්.


  • මතක ශක්තිය (POWER OF REMEMBERING)
මේක විද්‍යුතය මත පදනම් වෙනවා. ඒ කියන්නෙ විදුලිය විසන්ධි වුණොත් මතකය නැති වෙලා යනවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මිනිස්සුන්ගෙ මතකය වගෙ නෙවෙයි පරිගණක මතකය ගොඩක් වේගවත්.
  • හැඟීම් නැති වීම (NO FEELINGS)
මිනිස්සුන්ට ඉතින් හැඟීම් දැනීම් තියෙනවනෙ. ඒත් පරිගණකයක් කියන්නෙ යන්ත්‍රයක් නිසා ඒකට ඒව දැනෙන්නෙ නෑ. හැබැයි අනාගතේදි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ හැඟීම් දැනීම් තියෙන පරිගණක නිර්මාණය වෙන්න පුළුවන්. ඒත් මේක සීමාවක්.
  • ක්‍රමලේඛනය කිරීම (PROGRAMMABLE)
මේක සීමාවක් වගේම හැකියාවක්. පරිගණකයකින් මොකක්හරි දෙයක් කරගන්න ඕන වුණාම ඒකට ගැළපෙන විදිහට අපි ක්‍රමලේඛනය කරගන්න ඕනෙ.
  • ස්වයංක්‍රීයතාවය (AUTOMATICALLY)
පරිගණකයකට විදුලි බලය දීල ක්‍රියාත්මක කළාම, පරිගණකයකට විධානයක් දුන්නම පරිගණකය ඒ අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මේකත් සීමාවක් වගේම හැකියාවක් කියලා කියන්න පුළුවන්.


ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා මට මෙන්න හැමෝටම උදව් කරන්න...! තවත් ලිපියකින් හමුවෙමු.